ගීතාවලිය 91

psalm91_4

“මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.” –

“උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය;  මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.”

“මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක.”

“උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය.  උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.”

“රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,” –

“අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය.”

“නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය;  එහෙත් එය නුඹට ළං නොවන්නේය.”5543c11b93207ac7b5d14767274da92c

“නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.”

“මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය.  නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය;”

“නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.”

“නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය

(ගීතාවලිය 91:1-10)

Leave a Reply